ගාල්ල හා මාතර පාසල් හෙට සහ අනිද්දා වසා දැමේ

පවත්නා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලූම පාසල් දින දෙකක් වසා තැබීමට තීරණය කර තිබේ.

දකුණු පළාත් අධ්‍යාපන, ඉඩම් සංවර්ධන, මහා මාර්ග හා ප්‍රවෘත්ති අමාත්‍යාංශ ලේකම්වරයා විසිනි විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව දන්වා ඇත.

ඒ අනුව එළැඹෙන ඔක්තෝබර් මස 9 වන සඳුදා දින හා 10 වන අඟහරුවාදා දින එම දිස්ත්‍රික්කවල සියලූම පාසල් වසා තැබේ.

දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගෙන ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *