ගාල්ලේ එකම පවුලේ දෙදෙනෙක් කපා කොටා මරා දමයි.

ගාල්ල තෙලිකඩ පොලිස් වසමේ මාවඩවිල අක්කර 13 ප්‍රදේශයේදී අද (03) උදෑසන එකම පවුලේ තිදෙනෙකුට පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදීමෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතිබව පොලිස් ආරංචිමාර්ග පවසයි .

අද උදෑසන 6ට පමණ මෙම සිදුවීම සිදුව ඇත . පහරදීමෙන් තුවාල ලැබූ පිරිස් රෝහල් ගත කිරීමට පියවර ගත් නමුත් එහිදී දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව එම ආරංචිමාර්ග වැඩි දුරටත් සඳහන් කරයි .

පහරදීමෙන් මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම පවුලේ මිත්තණිය සහ ඇගේ මිණිපිරියගේ ස්වාමිපුරුෂයා වේ. මේම සිදුවීමෙන් තුවාල ලබා රෝහල් ගතව මේ වන විට ප්‍රතිකාර ලබනුයේ මිණිපිරියගේ දියණිය‍යි . ඇයගේ එක් අතක් සිරුරෙන් වෙන්ව ඇතැයිද ඇය මේ වන විට කරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් පොලීසිය පැවසීය.

පහරදීමට සම්බන්ධ සැකකරු තෙලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මියගිය තැනැත්තියගේ අනෙක් දියණියගේ සැමියා සැමියාය . එම සැකකරු හිටපු හමුදා සෙබළෙක් බව වාර්තා වෙයි .