ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්රස් නායක රාහුල් ගාන්ධිගේ සොහොයුරිය වන ප්‍රියංකා ගාන්ධි සිය පළමු මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා.
ප්‍රියංකා ගාන්ධි මහත්මිය ඉන්දියාවේ වඩාත්ම ප්‍රසිද්ධ දේශපාලන රාජවංශය වන නේරු – ගාන්ධි පවුලෙන් පැවත එන කාන්තාවක් බවයි පැවසෙන්නේ.
52 හැවිරිදි ඇය දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ වයනාඩ් ආසනයට තරඟ කරන්නේ ඇගේ සහෝදරයා එය අත්හැරීමෙන් පසුවයි.
ගාන්ධි මහත්මියගේ ජයග්‍රහණය සිදුවුණහොත් ගාන්ධි පවුලේ සාමාජිකයන් තිදෙනාම ඉන්දීය පාර්ලිමේන්තුවේ සිටීම සුවිශේෂී සිදුවීමක් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ඇයගේ මව, කොන්ග්රස් පක්ෂයේ හිටපු සභාපතිනිය වන සෝනියා ගාන්ධි, පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරියක්.
ඇයගේ සොහොයුරු ගාන්ධි මහතා පසුගියදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් වයනාද් සහ උත්තර් ප්‍රදේශ්හි රායිබරේලි ආසන දෙකෙන්ම ජයග්‍රහණය කරනු ලැබුවා.
ගාන්ධි මහත්මිය 1990 දශකයේ අග භාගයේ සිට ඇගේ මවගේ මැතිවරණ ව්‍යාපාරවලට ක්‍රියාකාරීව සම්බන්ධ වී තිබෙනවා.
2019 මහ මැතිවරණයට පෙර, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ නැගෙනහිර ප්‍රදේශයේ කොන්ග්රස් ප්රචාරක කටයුතු භාරව කටයුතු කිරීමත් සමඟ ගාන්ධි මහත්මිය දේශපාලනයට පිවිසීම සිදු වුණා.