නීතිපතිගේ සේවා දිගුව ප්‍රතික්ෂේප වෙයි

නීතිපතිවරයා ලෙස වසරක කාලයක් සඳහා නැවත වතාවක් සංජය රාජරත්නම් පත් කිරීමට අදාළව ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කළ යෝජනාව පිළිබඳව ව්‍යවස්ථාදායක සභාවේ මතය ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව ව්‍යවස්ථාදායක සභාව ජනාධිපතිවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම වත්මන් නීතිපතිවරයාට සේවා දිගුවක් ලබාදීම සඳහා වන ජනාධිපතිවරයාගේ යෝජනාවට විවිධ පාර්ශවවල චෝදනා පසුගිය කාලයේදී එල්ල වුණා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායක මහින්දයා යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (19) සවස රැස්වුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!