මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්යක්ෂ, ඉංජිනේරු එස්. පී. සී. සුගීෂ්වර මහතා පවසන්නේ මහවැලි ගඟේ ඉහළ ප්‍රදේශ හා අතු ගංගාවල ජල මට්ටම් ඉහළ ගොස් තිබීම හේතුවෙන් අතු ගංගා හරහා ගමන් කිරීම, දියනෑම අවදානම් සහගත බවයි බවයි.
අද (30) දිනයේ ද ගිං, කළු, නිල්වලා යන ගංගාවල ජල මට්ටම ද තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව පෙන්වාදුන් සුගීෂ්වර මහතා තවදුරටත් වැසි ඇදහැලුණ හොත් ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බවද දැනුම් දුන්නා.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය මත නොසිතූ ලෙස ගංගාවල ජල මට්ටම ඉහළ යන බැවින් ජනතාව ඒ පිළිබඳ අවධානයෙන් සිටින්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.