කොත්මල මහපොළොවෙන් එන ඝෝෂාව අනාගතයේ ලොකු විනාශයක් වෙන්න පුළුවන්. විද්‍යාඥයින් පවසයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් යුත් විමර්ශන කණ්ඩායමක් පවසන්නේ කොත්මලේ හැදුනුවැව ප්‍රදේශයේ ක්‍රීඩාංගනය දෙසින් අද්භූත ශබ්දයක් පිටවන්නේ අභ්‍යන්තර ගංවතුර තත්ත්වයක් හේතුවෙන් බවයි.

මීට පෙර වැවක් තිබූ ප්‍රදේශයෙන් භූගත ජලය පිටාර යෑමක් පවතින බවත් එය දැනට බරපතළ තත්ත්වයක් නොවන නමුත් ඉදිරියේදී එය බරපතළ තත්ත්වයක් බවට පත්වීමේ ප්‍රවණතාවක් පවතින බවත් මහාචාර්යවරයා පැවැසීය.

කොත්මලේ හදුනුවැව වෑතලාව ප්‍රදේශයේ පිහිටි ක්‍රීඩාංගණ භූමියෙන් විශාල ශබ්දයක් එන බවත් ඒ පිළිබඳව සොයා බලා කඩිනම් විසඳුමක් ලබාදෙන ලෙසත් පසුගිය දින කිහිපයේ ජනතාව ඉල්ලා සිටියා. ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ඉල්ලීම පරිදි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහ භූ විද්‍යා හා පතල් කැණීම් අංශයේ නිලධාරීන් පැමිණ මෙම පරීක්ෂණය සිදු කළහ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *