කොත්මලේ වේල්ල මතින් වාහන ධාවනය නැවත සීමාකරයි.

නාවලපිටිය හරංගල හරහා කොත්මලේ ජලාශ වේල්ල මතින් ගම්පොළ මහනුවර දක්වා පසුගිය දින කිහිපය තුළ වාහන ධාවනයට ලබා දුන් අවසරය ඊයේ සිට නැවත සීමා කරන්න්නට කටයුතු කරා තිබේ.

මේ පිළිබඳව මාධ්‍යට අදහස් දක්වූ කොත්මලේ ජලාශයේ කාර්යභාර ඉංජිනේරු අනුර සෙනෙවිරත්ණ පැවසූවේ නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගයෙ උලපනේ ගඩොල් බෝක්කුව ප්‍රදේශයේ නායයෑම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට තිබූ බවත්, එම හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගත් සැහැල්ලු වාහන වලට ජලාශ වේල්ල මතින් වාහන ධාවනයට අවසර ලබා දුන් බවත්ය .

කෙසේ වෙතත් එම මාර්ගය ඊයේ සිට යලිත් රථවාහන ධාවනයට මාර්ගය විවෘත කිරිමත් සමග මෙම තිරණය ගත් බවයි ජලාශයේ කාර්යභාර ඉංජිනේරුවරයා පැවසීය .

ඒ අනුව දැනට ජලාශවේල්ල මතින් වාහන ධාවනයට අවසර ලබා දී ඇති අයට පමණක් ඉදිරියේදී වාහන ධාවනය කළ හැකි බවත්, වෙනත් වාහනයක් වේල්ල මතින් ධාවනය කරන්නේ නම් ඒ සඳහා අවසර ලබා ගත යුතු බවත් ජලාශයේ කාර්යභාර ඉංජිනේරුවරයා පවසයි .