මැදපෙරදිග යුධමය වාතාවරණය හේතුවෙන් පෙබරවාරි 28 සිට සිය මෙහෙයුම් නවතා තිබූ ‘කුවේට් එයාවේස්’ ගුවන්සේවය යළි කොළඹ දක්වා ගුවන්ගමන් ආරම්භ කරන බව සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය අද (8) පස්වරුවේ නිවේදනය කළේය.
ඒ අනුව මේ වනවිට ඇති වී තිබෙන යුධමය වාතාවරණය සලකාබලමින් අප්‍රේල් 15 සිට ගුවන්ගමන් නිල වශයෙන් ආරම්භ කිරීමට එම සමාගම තීරණය කර ඇත.