ක්‍රීඩා විශේෂඥ වෛද්‍ය සිරි කන්නංගර මහතා දිවි සැරිය නිම කරයි

ක්‍රීඩා විශේෂඥ වෛද්‍ය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරි කන්නංගර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කන්නංගර මහතා 1977 වසරේ සිට මිය යන තෙක් ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටියා.

ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව හා රක්තවේදය පිළිබඳව ජාත්‍යන්තර කීර්තියක් උසුලන ඔහු ,බාර්සිලෝනා, ඇට්ලන්ටා සහ සිඩ්නි ඔලිම්පික් උළෙලවල ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩා වෛද්‍ය විශේෂඥයෙකු ලෙස සේවය කර තිබෙනවා.

එම සේවය අගයනු වස් කන්නංගර මහතාට සිඩ්නි ඔලිම්පික් උළෙලේ දී ගිනි සිළුව රැගෙන යාමේ අවස්ථාව ද ලැබුණා.

එතෙර හෝ මෙතෙර කිසිදු ශ්‍රී ලාංකිකයෙකුගෙන් සිය සේවය සදහා මුදල් ලබා නොගැනීම මහාචාර්ය සිරි කන්නංගර මහතාගේ විශේෂත්වය වුණා.

මෙරටින් බිහිවූ විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මුත්තයියා මුරලිදරන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ල වූ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටියේ සිරි කන්නංගර මහතායි.