ක්‍රීඩා අමාත්‍යංශය ජනපතිගේ විෂය යටතට

ඊයේ පැවති කැබිනට් රැස්වීමෙන් පසු තමාට අවස්ථාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවූ බවත්, ක්‍රිකට් අතුරු කමිටුව අහෝසි කිරීමේ අවශ්‍යතාවය ඔහු එහිදී මතුකළ බවත් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

“ජනාධිපතිතුමා කිව්වා ක්‍රීඩා විෂය එතුමාගේ විෂය පථය යටතේ ගන්නවා කියලා. ඊට පස්සේ මම කිව්වා මාව කැබිනට් එකෙන් අයින් කරන්න කියලා . ශ්‍රී ලංකා ක්‍රිකට් පවත්වාගෙන යන්නේ මංකොල්ලකාරයන් විසිනි. ඒ නිසා මම අතුරු කමිටුව අහෝසි කරන්නේ නැහැ.” ඔහු පැවසීය.

එහෙත් මේවන විට අධිකරණය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අහෝසි කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කළ ගැසට්ටුව අත් හිටවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *