කහ උණ සඳහා ලබාදෙන එන්නතෙහි හිගයක්

කහ උණ සදහා ලබාදෙන එන්නත් වර්ගය සෞඛ්‍ය අමාත්‍යාංශයේ සතුව මේ වන විටත් නොමැති බව වාර්තා වේ.

මෙම එන්නත විදේශගතවන අනිවාර්යෙන්ම ලබාදිය යුතු එන්නතක් වන අතර, එම නිසාම විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවද වාර්තා වේ.

මෙම එන්නත බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ජාත්‍යන්තර සෞඛ්‍ය ඒකකයේ දැනට මාස කිහිපයක සිට නොමැතිවීම නිසා කහ උණ පැතිරීමේ අවදානමක් මතුව ඇති බව වෛද්‍යවරු පෙන්වා දෙයි.

එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි වලට අනුව කහ උණ රෝග තත්ත්වය වළක්වා ගැනීම සඳහා එන්නත් කරණය කිරීම සාමාජික රටවල අනිවාර්ය වගකීමක් වේ. එම නිසා මෙවැනි තත්ත්වයක් මත ලංකා රජය ජාත්‍යන්තර රෙගුලාසි උල්ලංඝනය කිරීමේ වරද ද සිදු කරමින් සිටී.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *