තමන් ඇතුළු හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනෙකුට එරෙහිව බ්‍රිතාන්‍ය රජය පනවා ඇති සම්බාධක සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය මෙතෙක් ගෙන ඇති නිළ ස්ථාවරය පිළිබඳව තමා දැනුවත් කර නැති බව ෆ්ලීට් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ පවසයි .
.
The Island පුවත්පත කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු පවසනුයේ මෙම ගැටලුව අධ්‍යයනය කිරීම සඳහා පත් කළ අමාත්‍ය අනුකමිටුවේ නිර්දේශ මෙතෙක් තමන් වෙත දැනුම් දී නොමැති බවයි.
විදේශ අමාත්‍ය විජිත හේරත්, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර යන මහත්වරුන්ගෙන් මෙම කමිටුව සමන්විත වේ.
යුද්ධය ජයග්‍රහණය කළ හමුදා නිලධාරීන් ඉලක්ක කරගනිමින් විවිධ පාර්ශවයන් විසින් සිදුකරන අපහාසාත්මක ක්‍රියාවන් පිළිබඳව රජය ඉහළම මට්ටමින් අවධානය යොමු කළ යුතු බව හ්විට්ධප්ණු නාවික හමුදපතිවරයා අවධාරණය කරයි . අදාළ අමාත්‍ය අනුකමිටුව විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද නිර්දේශ සහ රජය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දැනගැනීමට තමන් කැමැත්තෙන් පසුවන බව ද ඔහු සඳහන් කරයි .
පවතින තත්ත්වය පිළිබඳව අදහස් දක්වන දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ, ජාතික වශයෙන් වැදගත් වන මෙම ගැටලුව සම්බන්ධයෙන් විපක්ෂය ද මෙතෙක් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවයි.
කෙසේ වෙතත්, රජයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මීට පෙර සඳහන් කර තිබුණේ බ්‍රිතාන්‍යයේ මෙම තීරණය ඒකපාර්ශ්වික එකක් බවත්, ඒ පිළිබඳව සොයා බලා සුදුසු පියවර ගැනීමට අනුකමිටුව පත් කළ බවත්ය.