උතුරු දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම දුම්රිය ධාවනයට නැවත විවෘත කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව, අනිද්දා (24) සිට උතුරු දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා යාල්දේවී දුම්රිය ධාවනයට සැලසුම් කර ඇත. එම දුම්රියේ පළමු පංතියේ (වායු සමනය කළ ) සහ දෙවන පංතියේ ආසන වෙන් කිරීමේ පහසුකම් සලසා තිබේ.
මාළිමා මන්ත්‍රී පහර දුන් බව කියනා පොලිස් කොස්තාපල්වරයා අත් අඩංගුවට .
පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සමග ඇති වූ පහරදීමේ සිද්ධියට අදාළ පොලිස් කොස්තාපල්වරයා ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ සාපරාධී බිය ගැන්වීම ඇතුළු චෝදනා කිහිපයකටය. අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා අද (22) පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සංචාරකය ප්‍රවාහනය කරනා රියදුරන්ට ඇල්ල තහනම් කරන්නට ගිය පොලිස් නිළධාරීන්ට මාරුවක්.
ඇල්ල සංචාරක කලාපයට පිටස්තරව පැමිණෙන කුළී රථ රියදුරන් සහ එම ප්‍රදේශයේ රැකියාවේ නිරත කුළී රථ රියදුරන් අතර ඇති වූ නොසන්සුන්තාවය පාලනය කිරීමට පැමිණි පොලිස් නිළධාරීන් පක්ෂග්‍රාහීව කටයුතු කළ බව දැක්වෙන වීඩියෝ පටය සම්බන්ධයෙන් පොලීසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
ඒ අනුව සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ප්‍රදේශයේ මගීන් ප්‍රවාහනය නොකරන ලෙස රියදුරන්ට උපදෙස් ලබාදෙන ආකාරය දැක්වේ.
කෙසේවෙතත් අදාළ සිදුවීමට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් දෙදෙනාට විනය කටයුත්තකට යටත්ව ඇල්ල පොලීසියේ සිට බණ්ඩාරවෙල පොලීසිය දක්වා ස්ථානමාරුවක් ලබාදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පැවසීය.