එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, උපනායක අකිල විරාජ් කාරියවසම් සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික සංවිධායක නවීන් දිසානායක සහ සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ හමුවක් අද පැවැත්වුනි .
එම හමුව පිළිබඳ X ගිණුමේ සටහනක් තබමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා තිබුණේ අපගේ මාතෘභූමිය මුහුණ දෙන අභියෝගයන් සහ ජාතික අරමුණු ඵලදායී හා කාර්යක්ෂම ලෙස සාක්ෂාත් කර ගත හැකි නව්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමේ වැදගත්කම පිළිබඳ ඵලදායී වූත් ධනාත්මක වූත් සාකච්ඡා පැවැත්වූ බවයි.