එස්ප්‍රස් පර්ල් නෞකා අනතුරේ අතරමැදි පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණයට

එක්ප්‍රස් පර්ල් නෞකාව මෙරට මුහුදු සීමාවේදී ගිනි ගෙන මුහුදු බත්වීමේ සිද්ධිය හා ඊට අනුබද්ධිත සෙසු අල්ලස් හා දුෂණ චෝදනා සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොණු කර ඇති පෙත්සමට අතරමැදි තවත් පෙත්සමක් පසුගියදා 12 වනදා ගොණු කර ඇත. එම අතරමැදි පෙත්සම අද (15) දිනයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැදවීමට නියමිතව ඇත.

2021 මැයි මස 20 වෙනිදා එස්ප්‍රස් පර්ල් නෞකාව මෙරට මුහුදු සීමාවේදී ගිනි ගෙන විනාශ වීම හා ඊට අනුබද්ධිත අල්ලස්,දුෂණ හා පර්යේෂණ ප්‍රමාද වීම් සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ට්‍රාන්ස්ෆේරන්ස් ඉන්ටර්නැෂනල් ආයතනය (TISL), පරිසර යුක්ති කේන්ද්‍රය(CEJ) සහ තවත් තිදෙනෙකු විසින් විසින් අංක SC/FR/168/2021 යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොණු කර ඇත.

එසේ ගොණු කර ඇති පෙත්සමට අතරමැදි පෙත්සමක් පසුගිය 12 වෙනිද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙර පෙත්සම්කරුවන් විසින්ම ගොණු කර ඇත. තමන් මෙම මැදිහත්වීම සිදු කරණු ලබන්නේ මහජන සුභ සාධනය වෙනුවෙන්ම බවද පෙත්සම්කරුවන් වැඩිදුරටත් සඳහන් කරනු ලබයි.

MV X-Press Pearl නමින් හදුන්වන මෙම භාණ්ඩ ප්‍රවාහන නෞකාව ගිනි ගෙන විනාශයට පත්ව මුහුදු බත්වීම මෙරට මුහුදු තතීරයේ සිදුවී ඇති දරුණුතම සමුද්‍ර හානිය බව පෙත්සම්කරුවන් සදහන් කර ඇත.

මෙම නෞකා අනතුරින් පසුව ශ්‍රී ලංකා බලධාරීන් ඒ සම්බන්ධයෙන් සිදු කර ඇති ක්‍රියාකාරකම් වලදී එම නැව් හිමියාගේ රක්ෂණ සමාගමේ නියෝජිතයෙකු වන International Tanker Owners Pollution Federation Limited (ITOPF) ආයතනයේ සහාය ලබා ගෙන ඇති බවටද චෝදනාවක් ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *