එටිහාර්ඩ් ශ්‍රී ලංකාවට ගමන් වාර දෙගුන කරයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික ගුවන් සේවය වන එටිහාඩ් එයාර්වේස්, මැයි 1 වනදා සිට කොළඹට ගුවන් ගමන් වාර ගණන වැඩි කරන බව ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකාව) (පුද්ගලික) සීමාසහිත සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය පවසයි.

මෙම ගුවන් ගමන් සේවාව ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නංවාලීමට සහ මැදපෙරදිග සහ ලෝකයේ අනෙකුත් ප්‍රධාන ගමනාන්ත වෙත ගමන් කිරීම සඳහා සුවිශේෂී දායකත්වයක් සපයනු ඇතැයි ඔහු පැවසීය.

දැනට සතිපතා ගුවන් ගමන් වාර 10 ක් ක්‍රියාත්මක කරනා එටිහාඩ් ගුවන් සේවය මැයි 1 සිට සතියකට ගුවන් ගමන් 13 ක් දක්වා ඉහළ දැමීමට නියමිතය. එහි දෙවන අදියර ජූනි 15 දින සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර එහිදී සතියකට ගුවන් ගමන් 20 ක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ඔහු පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!