ඌරන්ට ඇද්ද විදුලි රැහැනට තරුණයෙන් බිළිවෙයි .

දෙහිඅත්තකණ්ඩිය, උත්තලපුර ප්‍රදේශයේදී අනවසරයෙන් අදින ලද විදුලි රැහැනක ගැටී ඊයේ (19) අලුයම පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

වනසතුන් දඩයම් කිරීම සඳහා අනවසරෙන් අදින ලද විදුලි රැහැනක මෙම පුද්ගලයා ගැටී ඇති අතර, රෝහලට ඇතුළත් කරනා විටත් ඔහු මියගොස් සිටි බව වාර්තා වේ. මරණකරු වයස අවුරුදු 25 ක් වූ ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි

දෙහිඅත්තකණ්ඩිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.