උවිඳු කුරුකුළසූරිය එංගලන්තයේ සිට ආණ්ඩුවට තවත් ලෙඩක් දමයි .

ඊයෙ පස්වරුවේ සිට ආන්දෝලනාත්මක ගල්අඟුරු ටෙන්ඩර් ක්‍රියාවලිය සම්බන්ධයෙන් සිදුකරනා දුරකථන සංවාදයන් සහිත හඬපටයක් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වෙයි. එම හඬපටය සම්බන්ධව ලංකා කෝල් සමාගමේ සභාපති ජයන්ත රත්නායක විසින් අද (13) දිනැතිව නිවේදනයක් නිකුත් කර ඇත .

එම නිවේදනයේ සභාපතිවරයා එම හඬපටය සම්පූර්ණයෙන්ම විකෘති කරන ලද එකක් යයි සඳහන් කර ඇති නමුත් එය ව්‍යාජ එකක් බව සඳහන් කර නැත . සමාජ මාධ්‍ය තුළ සංසරණයවන එම හඬපටයෙහි මෙවැනි සංවාදයක් ඇතුළත් වෙයි .

“මට දැන් පොරොන්දුවෙනවා අද දිනය දාලා හාඩ් කොපිය ගේනවා කියලා… මම බේරන්නෙ කාවද දන්නවද, ජනාධිපතිතුමාවයි, ධම්මික මහත්තයාවයි, මොහාන් මහත්තයාවයි තමයි මම බේරන්නේ. පව්නේ ඒගොල්ලෝ. ඔයාගෙත් යුතුකමක් තියෙනවා රත්තරන් මල්ලි, ඕක කරන්න එපා. මම කියන්නේ කොහොමහරි හෙට උදේ නවයයි පනස්පහ වෙනකොට මට හාඩ් කොපි එක තියෙන්න ඕනෑ අද දිනය දාලා.”

ඒ අනුව මෙම හඬපටය ගැන සමාජ මධ්‍යයේ පුළුල් සාකච්චාවක් ගොඩනැගෙමින් පවතින අතර, එහි ජනාධිපති , ධම්මික මහත්තයා සහ මොහාන් මහත්තයා වැනි නම් පවා කියවෙන බව පැහැදිළිව ඇසෙයි . මෙම හඬපටයට අදාලව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජ්බර් රහුමාන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාරතමේන්තුවට පැමිණිල්ලක්ද කර ඇත .

මේ අතර එංගලන්තයේ සිටිනා මාධ්‍යවේදියෙක් උවිඳු කුරුකුලසූරිය සිය සමාජ මාධ්‍ය ගිණුමේ මේ පිළිබඳ සටහනක් යොදා ඇත . ඊයේ දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුද්‍රාතබනා ලද සමාගමක ලිපි ශීර්ෂයක එම සමාගමේ සභාපතිවරයා අද දිනයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන්නේ කෙසෙදැයි ඔහු ප්‍රශ්ණ කර සිටී .

ජනාධිපති ලේකම් වරයා විසින් ලංකා කෝල් සමාගම ආරම්භ කළ දින සිටි සිදුකළ සියළු ගල් අඟුරු මිලදී ගැනීම් පිළිබඳව සොයා බලන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අනුව ඊයේ එම දෙපාර්තමේන්තුව විසින් ලංකා කෝල් සමාගමට මුද්‍රා තබන ලදි .