උමාරාට ICCPR පනත යටතේ චෝදනා

එල්.පී.එල් තරගවලියෙ සමාරම්භක උත්සවයේදී ජාතික ගීය විකෘති කර ගායනා කිරීමෙන් උමාරා සිංහවංශ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුති පනත ( ICCPR ) උල්ලංඝනය කිරීමක් සිදුකර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් පවසයි. තම සමාජජාල ගිණුමේ සටහනාක් තබමින් ඔහු මෙ බව පවසයි .

අපේ ව්‍යවස්ථාවේ හත්වන වගන්තිය අනුව ජාතික ගීයේ පදමාලාව පමණක් නොව සංගීතය ද තුන්වන උපලේඛනය අනුව විය යුතුමුත් උමාරා පදමාලාව සහ සංගීතය යන දෙකම වෙනස් කිරීමෙන් අපේ ව්‍යවස්ථාව උල්ලංඝණය කර තිබෙන බව ඔහු පවසයි .

ඒ විතරක් නොවේ මව්බිමට ආදරය කරන හැඟීම්බර ජනතාව කුපිත කිරීමක් ද කර ඇති බව සමාජ ජාලා වල පල වන දෑ තුළින් පැහැදිලියි. ඇය කර ඇත්තේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුති පනත උල්ලංඝණය කිරීමක් බව මන්ත්‍රීවර්‍ය පැවසීය..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *