හමාස් ත්‍රස්තවදීන්ට එරෙහිව ඊශ්‍රායලය සිය පළිගැනීමේ ප්‍රති ප්‍රහාරය වේගවත් කිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය පවසයි . උතුරු ගාසා තීරයේ වෙසෙන මිලියන 1.1 ක ජනතාවකට ඔවුන්ගේ නිවාසවලින් ඉවත් වන ලෙස ඊශ්‍රායල හමුදාව අනතුරු අඟවා තිබේ.
ගාසා තීරයේ මානුෂීය අර්බුදය ගැඹුරු වෙමින් පවතින අතර මිනිසුන් සාගින්නෙන් සහ ඉන්ධන සහ විදුලිය නොමැතිව බරපතල තත්ත්වයකට මුහුණදෙමින් සිටිනා බව වාර්තා වෙයි.
පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව ගාසා තීරයේ පුද්ගලයන් 1800 කට ආසන්න පිරිසක් මියගොස් තිබේ. ඊශ්‍රායල හමුදා ත්‍රස්තවාදී තර්ජනය තුරන් කිරීම සඳහා ගාසා තීරයේ ප්‍රාදේශීය වැටලීම් සිදු කරමින් සිටිනා අතර, ප්‍රාණ ඇපකරුවන් සොයා ගැනීමට උත්සාහ කරනා බව වාර්තාවේ. ඒ අනුව ගාසා තීරය මහා පරිමාණ ගොඩබිම් මෙහෙයුමක් සඳහා සූදානම් වෙමින් සිටීනා ලකිණු දකගත හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.