ඊශ්‍රායලය නිල වශයෙන් යුද තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි.

ඊශ්‍රායලයේ කැබිනට් මණ්ඩලය විසින් නිල වශයෙන් එරට යුද තත්ත්වයක් ප්‍රකාශ පත් කර තිබේ.

ඒ හමාස් ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ මියගිය සංඛ්‍යාව 700 ඉක්මවා යාමෙන් පසුවය.

පලස්තීනයේ හමාස් සටන්කරුවන් ඊශ්‍රායලය වෙත එල්ල කළ ප්‍රහාර මාලාව සහ ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාර හේතුවෙන් දෙරටේම පුද්ගලයින් 800 කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

එමෙන්ම ඊශ්‍රායල සිවිල් වැසියන් 100ක් පමණ තවමත් පසුවන්නේ හමාස් සංවිධානයේ ප්‍රාණ ඇපයේ බව වාර්තා වේ.

ගාසා තීරයේ පාලනය උසුලන හමාස් සංවිධානය ඊශ්‍රායල භූමියට ඇතුළු වී ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ ඊයේ (07) අලුයම් කාලයේ සිටය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *