ඉහළ නැංවූ ඉන්ධන කෝටාව ගැන තීරණය අද

උත්සව සමය වෙනුවෙන් ඉහළ නැංවු ඉන්ධන කෝටාව එලෙසම පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් අද (17) දිනයේ දී තීරණය කරන බව බලශක්ති අමාත්‍යංශය පවසයි.

පසුගිය 04 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබූ අතර එය හෙට (18) සිට යළි පැවැති ආකාරයටම ක්‍රියාත්මක කිරීමට මීට පෙර තීරණය කර තිබුණි.

ඉහළ දැමු කෝටා අගයන් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්නේ ද නැතහොත් පෙර පැවැති අගයන් යළි ක්‍රියාත්මක කරන්නේ ද යන්න සම්බන්ධයෙන් තවදුරටත් අවසන් එකඟතාවකට පැමිණ නොමැති බව බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *