ඉරානය විනාශ කරන්නට ගිය ට්‍රම්ප් සටන් විරාමයක් ලඟ නතර වෙයි .

ඉරානයයේ ශිෂ්ටාචාරය විනාශ කරනා බවට තර්ජනය කළ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දෙසතියකම් සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර ඇත . ඇමරිකාව මෙම සටන් විරාමය ප්‍රකාශ කර ඇත්තේ ටෙහෙරානයට හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට ලබාදුන් කාලය නිම වීමට පැය දෙකකට පෙරදීය .

සටන් විරාමය සහ සාම සාකච්චා පිළිබඳව ප්‍රතිචාර දක්වමින් ඉරානය පවසා අත්තේ එක්සත් ජනපදය සමග සාකච්ඡා සිකුරාදා පාකිස්තානයේ ඉස්ලාමාබාද්හිදී ආරම්භ වීමට නියමිත බවය .

යුද්ධය අවසන් කිරීම සඳහා ට්‍රම්ප් ඉරානයේ කොන්දේසි පිළිගෙන ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය ප්‍රකාශ කළ අතර, එය එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ “නින්දා සහගත පසුබැසීමක්” ලෙස එම ආයතනය විස්තර කළේය.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඇමරිකානු ජනධිපතිවරයා පවසා ඇත්තේ හෝමූස් සමුද්‍ර සන්ධිය ඔස්සේ තෙල් සහ ගෑස් සැපයුම් ප්‍රවාහනය කිරීමට බාධා නොකිරීමට ඉරානය එකඟවීමට යටත්ව සටන් විරාමයක් සඳහා එකඟවීමට ඇමරිකාව තීරණය ගත්බවය .

හෝමූස් සමුද්‍ර සන්ධිය ගෝලීය ඉන්ධන ප්‍රවාහනයෙන් පහෙන් එකක් පමණ හසුරවනා අතර එම සමුද්‍ර සන්ධියේ ප්‍රහාර එල්ල කිරීම නතර කර ඊට ආරක්ෂාව සප‍යන බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි උපුටා දක්වමින් රොයිටර් පුවත්සේවය පවසා ඇත .