ඉදිරි මාස දෙකේදී ගල් අඟුරු හදිසි මිලදී ගැනීමක් .

ලක්විජය ගල් අගුරු බලාගාරයේ පවතින ගල් අඟුරු අවශ්‍යතවය සපුරාලනු වස් හදිසි මිලදී ගැනීමක් සිදුකිරීමට තීරණය කර ඇත . බලාගාරයේ අඛණ්ඩ විදුලි උත්පාදනය සහතික කරනු වස් ලංකා ගල් අගුරු සමාගම විසින් මෙම හදිසි මිලදී ගැනීම සිදුකිරීමට නියමිතය.

මෙම ගල් අගුරු තොගය 2026 මාර්තු සහ අප්‍රේල් යන කාලසීමාවන් තුළ මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂිත බව වාර්ත වේ. මේම මිලදී ගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් ලංකා ගල් අගුරු සමාගම අවශ්‍ය පියවර ගනිමින් සිටියි .

මෑතදී මිලදී ගත් ගල් අඟුරු නෞකා අටක් පමණ තත්ත්වයෙන් බාල බවත්, එම ගල් අඟුරු දැවීමෙන් ආපේක්ෂිත විදුලිය නිපදවිය නොහැකි බවත් ඩී.වී චානක ප්‍රමුඛ විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ පෙන්වා දුන්නෝය . ඒ අනුව අපේක්ෂිත විදුලිය ජනනය කරනු වස් අමතර ගල් අඟුරු තොග හදිසි මිලදී ගනීම් යටතේ ගෙන්වාගැනීමට සිදුවිය හැකි බව ඕවුහු මාස කිහිපයකට පෙර පැවසූහ .

මෙම හදිසි මිලදී ගැනීමේ අරමුණ වාර්ෂික ගල් අගුරු වාරය අවසන් වීමට පෙර බලාගාරයට අවශ්‍ය අවම තොග පවත්වා ගැනීම බවත්, ඊට අමතරව වියළි කාලගුණය හේතුවෙන් ජල විදුලි උත්පාදනය සීමා වුවහොත් අමතර විදුලිය නිපදවීම මෙහි තවත් අරමුණක් බවත් වාර්තා වේ.