ඇෆ්ගන්ස්ථානය පරාජය කරමින් ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

ආසියානු කුසලාන තරගාවකිය යටතේ අද ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගනයේ පැවැති ශ්‍රී ලංකාව සහ ඇෆ්ගන්ස්ථානය අතර එක්දින තරගයෙන් තියුණු ජයක් ලබාගැනිමට ශ්‍රී ලංකා පිල සමත් විය.

කාසියේ වාසිය දිනා ප්‍රථමව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල සිය ඕවර 50 තුළ කඩුළු 8 ක් දැවී ලකුණු 291 ලබාගන්නට සමත් විය. කුසල් මෙන්ඩිස් ලකුණු 92. ගුල්බාඩින් නයිබ් ලකුණු 60 ට කඩුළු 4 යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඇෆ්ගන්ස්ථානය ඕවර 37.4 තුළදී සියළු දෙනා දැවී ලකුණු 289 . මොහොමඩ් නබී ලකුණු 65. පන්දු යවීමේදී කසුන් රාජිත ලකුණු 79 ට කඩුළු 4 යි.

මෙම ජයග්‍රහණය සමග ශ්‍රී ලංකා පිල ආසියානු ශූරතාවයේ සුපිරි හතර දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ අතර මේ ජයග්‍රහණය ශ්‍රී ලංකා පිල එක එල්ලේ ලැබූ 12 වෙනි ජාත්‍යන්තර එක්දින තරග ජයග්‍රහණය වෙයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *