ඉරානය හෝ ඔවුන්ගේ සහාය ලබන සන්නද්ධ කණ්ඩායම් විසින් අමෙරිකාව වෙත ප්‍රහාර එල්ල කිරීමේ අවදානමක් පවතින බව එරට බුද්ධි අංශ පවසයි .
අමෙරිකානු දේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුවේ (DHS) බුද්ධි හා විශ්ලේෂණ අංශය විසින් පෙබරවාරි 28 වැනි දින නිකුත් කරන ලද තක්සේරු වාර්තාවකට අනුව, ඉරානය සහ ඔවුන්ගේ නියෝජිත කණ්ඩායම් අමෙරිකා එක්සත් ජනපදය තුළ ඉලක්කගත ප්‍රහාර එල්ල කිරීමේ “සම්භාවිතාවක්” පවතින බව සඳහන් වේ. කෙසේ වෙතත්, මහා පරිමාණයේ භෞතික ප්‍රහාරයක් එල්ල වීමේ අවස්ථාව අවම මට්ටමක පවතින බව එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.
බුද්ධි අංශ පෙන්වා දෙන්නේ කෙටි කාලීන වශයෙන් ඉරාන හිතවාදී සයිබර් ක්‍රියාකාරීන් විසින් අමෙරිකානු වෙබ් අඩවි අඩපණ කිරීම වැනි අඩු මට්ටමේ සයිබර් ප්‍රහාර එල්ල කළ හැකි බවයි.
ඊට අමතරව මැදපෙරදිග පිහිටි සෞදු අරාබිය, කුවේටය වැනි ඇමරිකානු හිටහ්වාදී රාජ්‍යන් වෙත බරපතල ප්‍රහාරයක් එල්ල කිරීමටද ඉඩ පවතින අබ්ව ව්ම වාරතා පවසයි .
අමෙරිකානු දේශීය ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයෙම් ප්‍රකාශ කරනුයේ, මව්බිමට එල්ල විය හැකි ඕනෑම තර්ජනයක් මැඩපැවැත්වීම සඳහා ෆෙඩරල් බුද්ධි අංශ සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ සෘජු සම්බන්ධීකරණයෙන් යුතුව කටයුතු කරන බවයි.
ඇමරිකාව සහ ඊශ්රායකය මේවන විට ඉරානය ඉක්මවා සිය ප්‍රහාර එල්ල කරමින් සිටී . හිස්බුල්ලා සංවිධානය එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය ලෙබනනයටද ප්‍රහාර එල්ල කර ඇති අතර, ඉරානය විසින් අමෙරිකානු හමුදා කඳවුරු පවතින ගල්ෆ් කලාපයේ රටවල් වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් සිටියි. මේ හේතුවෙන් ලෙබනනය තුළ අවතැන් වූ පුද්ගලයන් 30,000කට අධික පිරිසක් සහන කඳවුරුවල රැකවරණය පතා ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය තහවුරු කරයි.