ඇප ලබා එළියට ආ බටු මීයා නැවතත් ඇතුළට.

අම්බලන්ගොඩ, මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයාවු මිරන්ත වරුසවිතාන නැමැත්තා ඝාතනය කිරීමට ගිනිඅවි ලබාදුන් බව කියන අනුර පුෂ්පකුමාර හෙවත් ‘බටු මීයා’ නමැත්තා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය විසින් ඊයේ අළුත්කඩේ අධිකරණ පරිශ්‍රයේදී අත් අඩංගුවට ගෙන ඇත .

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි ඔහු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති වෙනත් නඩුවකට ඉදිරිපත් කරන ලදුව ඇප ලබා පිටතට පැමිණෙද්දී මෙලෙස නැවතත් අත් අඩංගුවට ගෙන ඇත .

අම්බලන්ගොඩ, මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා අම්බලන්ගොඩ, නගර සභාව අසලදී ඉකුත් නොවැම්බර් 04 වැනිදා වෙඩිතබා ඝාතනය කරනු ලැබූ අතර ඊට ගිනි අවි සැපයූ බවට අනුර පුෂ්පකුමාර හෙවත් ‘බටු මීයා’ට චෝදනා එල්ලවී තිබුනි .

මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් රැසක් ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගන්න ලදි . බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින අපරාධකරුවකු වන ලොකු පැටී නමැත්තා මෙම ඝාතනය මෙහෙයවූ බව අත් අඩංගුවට ගත් සැකකරුවන් හෙළිකර ඇති බව වාර්තා වේ. ඇති බවයි.

ඝාතනය කරනා ලද මිරන්ත වරුසවිතාරන තැනැත්තා කරන්දෙණිය සුද්දා නම් අපරාධකරුගේ මස්සිනා බවත්, එමෙන්ම බටුමීයා නමැත්තා ලොකුපැටීගේ ඥාති සොයුරෙක් වන බවත් පොලිසිය පවසයි .