ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්කම කුමන්ත්‍රණයක් ගැන තොරතුරු හෙළිවෙයි .

ජනාධිපතිවරයා ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට සුදුසුකම් සහිත විගණකවරුන් හතරදෙනෙකුගේ නම් ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කර ඇතත්, එම සභාව දිගින් දිගටම එම නම් ප්‍රතික්ෂේප කරමින් සිටිනා බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසීය . එමගින් පෙන්නුම් කරනුයේ රාජ්‍ය යාන්ත්‍රණය හෝ රාජ්‍ය ක්‍රියාවලිය කඩාකප්පල් කිරිමට ඔවුන් සිතාමතා කටයුතු කරනා බව යයි ඔහු වැඩි දුරටත් පැවසීය .

ඔහු මේ බව පැවසූවේ විඝණකාධිපතිවරයෙක් පත්කිරීම දිනෙන් දිනම පමාවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු සපයමිනි .

ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාට හිමි බලතල අනුව ව්‍යවස්ථාවේ විගණකාධිපතිවරයෙක් ලෙස පත්විමට සුදුකම් සහිත අය ජනපතිවරයා විසින් අවස්ථා හතරේදිම ඉදිරිපත් කර තිබෙන බව ඔහු පැවසීය.