ආගමික සමගියට බාධා කරන අයට දැඩි නීති. විජයදාස රාජපක්ෂ කියයි

ආගමික සමගියට බාධා වන ආකාරයට කටයුතු කරනු ලබන අයට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් තමන් කැමති ආගමක් ඇදහීමේ අයිතිය පැවතියත් අන් අයගේ ආගම් සදහා අගෞරව කිරීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කරනු ලැබුවේ අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදි පැවති විශේෂ මාධ්‍ය හමුවක් සඳහා එක්වෙමිනි.

සමාජ මාධ්‍ය පාලනය කළ නොහැකි වුවත් ඔවුන් කරනු ලබන ප්‍රකාශ සදහා නීතිමය පියවර ගැනීමට හැකියාවක් පවතින බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

“අපේ රටේ සියලු දෙනාට පවතින අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අපි ආරක්ෂා කරනවා. ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තිය අපි පිළි අර ගෙන තිබෙනවා. ඒ අනුව මෙවැනි වෛරී අදහස් ප්‍රකාශ කරන අයට එරෙහිව වසර දහයක් දක්වා සිර දඩුවම් ලබාදීමේ හැකියාව තිබෙනවා. ඒ අයිතිය තිබෙන්නේ සීමාවන්ට යටත්ව කියලා අපි අවබෝධ කර ගත යුතුයි. ආගමික සමගියට බාධා කරන අය ඉන්නවා නම් අපි ඒ පිළිබදව ක්‍රියා කරනවා.”

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *