අස්වැසුම ගැන දැනුම් දීමක්.

ඇස්වැසුම සැප්තැම්බර් වාරිකය අද (23) සිට ගෙවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසීය.

ප්‍රතිලාභී පවුල් 1,377,000ක් සඳහා ගෙවීමට තිබූ රුපියල් මිලියන 8,571ක් බැංකු වෙත මුදා හැර ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් වාරික වසර අවසන් වීමට පෙර ප්‍රතිලාභීන් වෙත ගෙවන බවත් ප්‍රතිලාභීන් තෝරා ගැනීම සඳහා දෙසැම්බර් මාසයේදී අයදුම්පත් කැඳවන බවත් ඔහු පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි එම සහතික සමාලෝචන කටයුතු සෑම මාස හයකට වරක් සිදු කරනු ලැබේ. ඊට අමතරව හිඟ වැඩිහිටි, වකුගඩු සහ ආබාධිත දීමනාද මේ වනවිට ගෙවා අවසන් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.