අශෝක රන්වල පැදවූ ජීප් රියේ තිරිංග දෝෂයක්

රිය අනතුරකට ලක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මන්ත්‍රීවරයාගේ වාහනයේ තාක්ෂණික පරීක්ෂණ වාර්තාව පොලීසිය වෙත ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් පවසයි .

ඒ අනුව අශෝක රන්වල මන්ත්‍රීවරයා පැදවූ වාහනයේ තිරිංග නිසි නඩත්තුවක් සිදුකර නොමැති බවට සහ තිරිංග පද්ධතියේ ගැටලුවක් ඇති බවට එම වාහන පරීක්ෂණ වාර්තාවේ සඳහන් කර ඇති බව ඔහු සඳහන් කළේය .

කෙසේවෙතත් පොලිස් අශෝක රන්වල මන්ත්‍රීවරයාගේ වෛද්‍ය තවමත් තවමත් පොලිසියට ලැබී නැති බවත්, එම වාර්තාව ලැබීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි නීතිමය පියවර තීරණය කරන බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.