අවුරුදු නිවාඩුවේ සැළසුම් ෆේස්බුක් දාන්න එපා.

අප්‍රේල් උත්සව සමයේ තමන් යනෙනා තැන් පිළිබඳව සමාජ මාධ්‍යයන් හී තොරතුරු පල නොකරන මෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ට පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහජනයාගෙන් ඉල්ලා සිටි.

විශේෂයෙන් අවුරුදු සමයේ නිවසින් පිටත චාරිකා යන අය එම සංචාර පිළිබඳ තොරතුරු සමාජ මාධ්‍යන්හී හුවමාරු කරගැනිමෙන් වලකින ලෙස ඔහු පවසයි. සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් මෙම කාලය තුළ නිවාස කොල්ලකෑම් සඳහා මෙම තොරතුරු උපයෝගී කර ගන්නා බව ඔහු පෙන්වා දුන්නේය.

නිවෙස්වලින් පිටව යන අයගෙන් CCTV කැමරා ක්‍රියාත්මක කරන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය. අද පැවති මධ්‍ය හමුවකට එක් වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා මේ බව පැවසිය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *