අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය සහ යුනිසෙෆ් සංවිධානයේ නියෝජිතයින් අතර විශේෂ හමුවක් ඊයේ පවත්වා තිබේ. ආපදාවට ලක්වූ පාසැල් පිළ්ඊබඳව මෙම හමුවේදී ව්ශේෂ අවධනයක් යොමුව තිබේ .
නායයාමේ තර්ජනයට ලක්ව ඇති ප්රදේශවල පවත්වාගෙන යන පාසැල් පිළිබඳව අගමැතිණිය එහිදී යුනිසෙෆ් නියෝජිතයන්ගේ අවධානය යොමුකර ඇත. මේවන විට හඳුනාගෙන ඇති නායයාමේ අවධානම් සහිත කළාපවල පිහිටි පාසැල් නැවත එම ස්ථානවලම විවෘත කිරීම අනතුරුදායක බැවින් එවන් පාසල්, සුදුසු ස්ථානයක ස්ථානගත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුකරන බව අගමැතිණිය එහිදී පැවසූවාය .