ඛණිජ තෙල් විෂය බාර හිටපු අමාත්‍යවරයා වන අර්ජුන රණතුංග සහ තෙල් සංස්ථාවේ සභාපති ලෙස කයෞතු කළ ඔහුගේ සොහොයුරා වන ධම්මික රණතුංග හට කොළඹ මහ අධිකරණය හමුවෙ අධි චෝදනා ගොනුකළ බව අල්ලස් හෝ දූෂණ වැලැක්වීමේ කොමිසම පවසයි . එම කොමිසම මේ බව සඳහන් කර ඇත්තේ කොළඹ මහේස්ත්‍රත් අධිකරණය හමුවේ කරුණු ගොනුකරමිනි .
2017 – 2018 කාලයේ මාස හයක කාලයක් සඳහා ඛණිජ තෙල් සංස්ථාව මගින් ඉන්ධන මිලට ගැනීමට නියමිතව තිබූ දිගු කාලීන ටෙන්ඩර් තුනක් අවලංගු කර ඒ වෙනුවට වැඩි මිලගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් 23 ක් ක්‍රියාතමක කරමින් රජයට මිලියන 800 ක පාඩුවක් සිදු කළ බවට රණතුංග සොහොයුරන්ට එරෙහිව චෝදනා ගොනු කර ඇත .