අය වැයෙන් අළුත් බදු ක්‍රමයක් ලඟදීම

නොවැම්බර් මාසයේ ඉදිරිපත් කරනා නව අයවැය ලේඛනයෙන් නව බදු ක්‍රම හඳුන්වාදිමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, බදු පැහැර හරිනා ධනවත් ව්‍යාපාරිකයන් ඉලක්ක කරගෙන මෙම නව බදු ක්‍රම හඳුන්වාදීමට නියමිත වේ .

සමාගම් රැසක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයන් බරපතල ලෙස බදුගෙවිම පැහැර හරිනා බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මුදල් අමාත්‍යංශයට දැනුම් දී ඇත.

මේ ආකාරයෙ බදු පැහැර හැරීම් නිසා වාර්ෂිකව රුපියල් බිලියන 300 කට ආසන්න බදු ආදායමක් රජයට අහිමිවෙන බවත් එම දෙපාර්තමේන්තුව පෙන්වදී ඇත.

එම නිසා නව බදුක්‍රම හඳුන්වාදෙමින් බදු අයකර ගැනිමේ යාන්ත්‍රණය විධිමත් කිරීමට රජය අපේක්ෂා කරනා බවත්, එහිදී එක් එක් සමාගම් සඳහා වෙන් වෙන් වශයෙන් බදු අය කර ගැනීමටත් නියමිත බව වාර්තාවේ.

අයවැය ලේඛණයෙන් හඳුන්වදීමට යෝජිත නව බදු ක්‍රමය 2024 ජනවාරි මාසයෙ සිට බලාත්මක කිරීමට නියමිත බව මුදල් අමාත්‍යංශ ආරංචිමාර්ග ඔස්සේ දැනගන්නට ලැබේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *