ටික්ටොක් තහනම් කිරීම සම්බන්ධයෙන් කරුණු ඇතුළත් පනත් කෙටුම්පතට අමෙරිකානු සෙනෙට් මණ්ඩලය සිය අනුමැතිය ලබාදී තිබෙනවා.
ඒ අනුව ඊට පක්ෂව ඡන්ද 79 ක් ලැබී තිබූ අතර, විපක්ෂව ලැබුණේ ඡන්ද 18 ක් පමණයි. සෙනෙට් සභාව අනුමත කළ මෙම යෝජනාව අමෙරිකානු ජනපති ජෝ බයින් වෙන යොමු කර ඇති බව වාර්තා වෙනවා.
ඔහු ඊට අත්සන් තැබීමෙන් අනතුරුව එය නීතියක් බවට පත් වී අමෙරිකාවේ ටික්ටොක් යෙදවුම තහනම් වීමට නියමිතයි.