අම්බලන්ගොඩ නගරයේ අද උදෑසන වෙඩි තැබීමක් සිදුව ඇත . එම වෙඩි තැබීමෙන් අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකු එම ස්ථානයේදීම මියගොස් ඇතිබව වාර්තා වෙයි .
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බව පොලීසිය පැවසීය.
මේ වන විට අනාවරණය වී ඇති කරුණු අනුව අපරාධ කල්ලි පාර්ශ්වයන් දෙකක් අතර ඇතිවූ ගැටුමක ප්‍රතිපළයක් මත මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය සැක කරයි.
වෙඩි ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයාද අපරාධ කල්ලි සාමාජිකයින් සමග සම්බන්ධතා පැවැත්වූ අයෙකු බවටත් තොරතුරු අනාවරණය වී තිබේ.