ඊශ්‍රායල් කැබිනට් මණ්ඩලයේ යුධ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වන බෙනී ගැන්ට්ස් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් තමන් ආරක්ෂා විය යුත්තේ කෙසේදැයි යන්න ඊශ්‍රායලය විසින් පමනක් පමණක් තීරණය කරන බව පැවසීය .
දකුණු ඊශ්‍රායලයේ ආරක්ෂාව යථා තත්ත්වයට පත් කිරීමට වසර ගණනාවක් ගතවනු ඇති බවත්, සියල්ල බරපතලව සිතිය යුතු බව තමන් විශ්වාස කරනා බවත් ඊශ්‍රායලයේ යුද කැබිනට් අමාත්‍යවරයා ප්‍රකාශකරනා ලදි .
මීට පෙර ටෙල් අවිව්හි පැවති මාධ්‍ය හමුවකදී ඔහුගේ ප්‍රකාශයේ දී බෙනී ගැන්ට්ස් කියා සිටියේ ගාසා තීරයේ යුද සැලසුම් සම්බන්ධයෙන් ඊශ්‍රායලය තමන්ගේම අවශ්‍යතා මත පදනම්ව තමන්ගේම තීරණ ගන්නා බවයි.
”අන් අය කොතරම් ත්‍යාගශීලී වුවත් අපි ඔවුන්ව තවදුරටත් විශ්වාස නොකරමු. සෑම යුදෙව්වෙකුම ආරක්ෂා කරන්නේ අපි පමණි. අන් අය කොතරම් ත්‍යාගශීලී වුවත් අපි තවදුරටත් ඔවුන්ව විශ්වාස නොකරමු. සෑම යුදෙව්වෙකුම ආරක්ෂා කරන්නේ අපි පමණි.” යනුවෙන් අමාත්‍ය බෙනී ගැන්ට්ස් වැඩි දුරටත් පැවසීය.
බෙනී ගැන්ට්ස් ආරක්ෂක ඇමතිවරයා සහ ඊශ්‍රායල හමුදා ප්‍රධානියා ලෙස කටයුතු කර පලපුරුදු නිළධාරියෙකි.