2026 වසරේ අප්‍රේල් මස මුල සිට ජූනි මස අග දක්වා කාලසීමාවට බලපැවැත්වෙන පරිදි විදුලි බිලෙහි සිදු කිරීමට නියමිත වෙනස්කම් පිළිබඳ ඉදිරි වැඩපිළිවෙළ එළඹෙන සඳුදා ප්‍රකාශයට පත් කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව නිවේදනය කරයි.
මෙහිදී ප්‍රධාන වශයෙන් ගාස්තු සංශෝධනයට අදාළ ඉදිරි පියවර ප්‍රකාශයට පත් කිරීම, යෝජිත මිල ගණන් සම්බන්ධයෙන් ජනතාවගේ අදහස් ලබාගන්නා ආකාරය සහ ඒ සඳහා වෙන් කර ඇති කාලසීමාවන් දැනුම් දීම පිලිබද අවධානය යොමු කෙරෙයි.දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු 13.56% ක ප්‍රතිශතයකින් ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය දැනටමත් නිර්දේශ ඉදිරිපත් කර ඇත.