අපදාවට ජපානයෙන් ඩොලර් මිලියන 2.5 සහනයක්

දිවයින තුළ ඇති වූ ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම උදෙසා ජපාන රජය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක හදිසි මූල්‍ය ආධාරයක් පිරිනැමීමට පියවර ගෙන ඇත.

එම ආධාර ශ්‍රී ලංකාව තුළ බෙදාහැරීමේ වගකීම සහ සම්බන්ධීකරන කටයුතු ලෝක ආහාර වැඩසටහන (WFP), එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සහ ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය (IOM) ජාත්‍යන්තර සංවිධාන තුන මගින් සිදු කිරීමට ජපාන රජය තීරණය කර ඇත.

ආපදාවෙන් දැඩි බලපෑමට ලක්වූ කෑගල්ල, බදුල්ල සහ මහනුවර යන දිස්ත්‍රික්ක කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිතය . ඒ අනුව දිස්ත්‍රික්කවල තෝරාගත් පවුල් 615 ක් සඳහා නවාතැන් පහසුකම් වැඩිදියුණු කිරීමට අදාළ උපකරණ කට්ටල ලබාදීමට කටයුතු සම්පාදනය කරමින් ඇතිබව වාර්තා වේ

මෙම සමස්ත ප්‍රදානයෙන් ඩොලර් මිලියනයක මුදලක් ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය (IOM) හරහා වෙන් කෙරෙන අතර, එමඟින් අවශ්‍ය භාණ්ඩ, සනීපාරක්ෂක ද්‍රව්‍ය සහ නිදන කාමර උපකරණ ඇතුළත් කට්ටල ජනතාව වෙත බෙදා දෙනු ඇත.