තායිවානයට තර්ජනය කිරීම නවත්වන ලෙසත් එහි ප්රජාතන්ත්රවාදයේ පැවැත්ම පිළිගන්නා ලෙසත් තායිවානයේ නව ජනාධිපති විලියම් ලායි චීනයෙන් ඉල්ලා සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා.
දැනට වසර කිහිපයක සිට චීනයෙන් තායිවානයට ඇති කරන පීඩනය ද වැඩි වී ඇති බව ලායි මහතා පෙන්වාදෙනවා.
තායිවානය තමාගේ යැයි දිගු කලක් තිස්සේ චීනය කියා සිටින බවත් එම බිය වැද්දීම් හමුවේ තායිවානය කිසි විටෙකත් පසුබසින්නේ නැති බවත් තායිවානයේ ජනාධිපතිවරයා අවධාරණය කර සිටිනවා.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වාදෙන්නේ චීනය විසින් ලායි මහතාව “බෙදුම්වාදියෙකු” ලෙස දකින බවත් ඔහු එය පිළිකුලෙන් යුතුව හෙලා දකින බවත්ය.
පසුගිය වසර කිහිපය තුළ චීනය විසින් තායිවානයේ මුහුදු සීමාව සහ ගුවන් කලාපය වටා සිදුකරන මිලිටරි ආක්රමනයන් සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇති අතර එමගින් තායිවානයට ගැටුම් පිළිබඳ බියක් ඇති කරවන බව ද වාර්තා වෙනවා.