2024 සැප්තැම්බර් මස 22 වෙනිදා ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් අනුර කුමාර දිසානායකගෙ දුර කාලයෙන් හතරෙන් එකක කාලයක් ( මාස 15ක්) අදින් (2025 දෙසැම්බර් 22) අවසන් වේ.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විධායක ජනාධිපතිවරයෙකුගේ ධූර කාලය වසර පහකි. එය මාසවලින් ගණනය කළහොත් මාස 60ක කාලසීමාවකි. ඒ අනුව ඔහුට සිය ධුර කාලයෙන් 75% නොහොත් මාස 45 ක් ඉතිරිව ඇත .
පසුගිය මාස 15 ක කාලය තුළ නව රජය විසින් පාර්ලිමේන්තු මහ මැතිවරණය පවත්වා ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීම සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා අඩිතාලම දැමීම සිදු කරනු ලැබීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව, ජනාධිපතිවරයෙකුගේ ධූර කාලය අවසන් වීමට මාස දෙකකට නොඅඩු සහ මාසයකට නොවැඩි කාලයකදී මීළඟ ජනාධිපතිවරණය පැවැත්විය යුතුය. ඒ අනුව, වත්මන් ජනාධිපතිවරයාගේ ධූර කාලය 2029 සැප්තැම්බර් මස අවසන් වීමට නියමිතය.