අනපේක්ෂිත මොහොතක ජනපති වතුකම්කරුවන් අතරට.

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ වතු කම්කරුවන් පිරිසක් අතර අනපේක්ෂිත හමුවක් අද (11) පෙරවරුවේදී සිදුවිය . නානුඔය – රදැල්ල මාර්ගයේ ගමන් කරමින් සිටි ජනාධිපති අනුර දිසානායකගේ එම මාර්ගයේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් හමුවී ඔවුන් සමග සුහද කතාබහක නිරත විය.

අනපේක්ෂිත අවස්ථාවක තමන් වෙත පැමිණි ජනාධිපතිවරයා වතු කම්කරුවන් විසින් උණුසුම් ලෙස පිළිගත් අතර, තම වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් ඕවුහු ජනාධිපතිවරයාට සිය කෘතඥතාව පළ කළහ. ‘ (චායාරූපය රන්ජිත් රාජපක්ෂ)