අනතුර සිදුකර දින හතරයි . රන්වලගේ මත්පැන් පරීක්ෂණ වාර්තාව තවම නෑ.

පසුගිය 11 වැනිදා රාත්‍රියේ සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරකට ලක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වලගේ මත්පැන් පරීක්ෂණ වාර්තාව මෙතෙක් ලැබී නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් පවසයි. ඒ අනුව අදාළ වාර්තාව ලැබීමෙන් පසු ඔහු සම්බන්ධයෙන් ඉදිරි නීතීමේ පියවර ගන්නා බව ඔහු වැඩි දුරටත් පවසයි .

සපුගස්කන්දේ දෙනිමල්ල ප්‍රදේශයේදී 11 රාත්‍රී 7.45 ට පමණ අශෝක රන්වල පැදවූ ජීප් රථයක් රිය අනතුරකට ලක්වූයේ මාර්ගයේ ගමන් කරමින් තිබූ මරුටි වර්ගයේ මෝටර් රථයක ගැටීමෙනි.

අනතුරට පත් මෝටර් රථයේ සිට කුඩා දරුවකු ඇතුළු තිදෙනෙක් රෝහල් ගත කරන ලද අතර අශෝක රන්වලද තුවාල ලබා ප්‍රතිකාර රෝහල් ගත කරන ලදී. රෝහල් ගතව සිටියදී පොලිස් අත්අඩංගුවට පත් ඔහුට රෝහලේදීම ඇප නියම විය.