අධි අවධානම් කළාපයන්හී නිවාස 5000 ක්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් සිදු කරමින් පවතින පරීක්ෂණවලදී නිවාස 5,000 කට අධික සංඛ්‍යාවක් අධි අවදානම් කළාපවල පිහිටා ඇති බව තහවුරු කරගෙන ඇතැයි එහි අධ්‍යක්ෂ ජෙනරාල් ආසිරි කරුණාවර්ධන පැවසීය . ඒ අනුව එම පිරිස සඳහා ආරක්ෂිත ස්ථානයක නව නිවාසයන් ඉදිකර දීය යුතුව ඇතැයි ඔහු පැවසීය .

භූමිය පිළිබඳව පරික්ෂණ තවමත් පැවැත්වෙන බැවින් දත්තයන් ඉදිරි සතියේ දී තවත් වැඩි විය හැකි බවත්, ලැබෙනා අළුත් තොරතුරු සමග මෙම දත්තයන් යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දිවයින පුරා විශාල ප්‍රමාණයේ නායයාම් 1200කට අධික ප්‍රමාණයක් වාර්තා වූ අතර, මහනුවර, කුරුණෑගල, මාතලේ කෑගල්ල, බදුල්ල සහ නුවරඑළිය යන ප්‍රධාන දිස්ත්‍රික්කයන්වලට ඉන් බරපතල හානි සිදු විය .

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ විශාල ප්‍රමාණයේ නායයෑම් 363ක්, මාතලේ දිස්ත්‍රික්කයේ විශාල ප්‍රමාණයේ නායයෑම් 162ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ විශාල ප්‍රමාණයේ නායයෑම් 219ක් වාර්තා වී ඇත.

එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශාල ප්‍රමාණයේ නායයෑම් 89ක්, කෑගල්ල දිස්ත්‍රික්කයේ විශාල ප්‍රමාණයේ නායයෑම් 79ක් සහ බදුල්ල දිස්ත්‍රික්කයේ විශාල ප්‍රමාණයේ නායයෑම් 312ක් වාර්තා වී තිබේ.

මෙම භූමිවල ජනතාවට මේ වන නිවාස අහිමි වී ඇති අතර ඔවුන් සුරක්ෂිත මධ්‍යස්ථානවල රඳව සිටි.