2015 වසරේ සිදු වූ මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාල මුදල් විශුද්ධිකරණ නඩුවක් සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුලු සැකකරුවන්ට පවරා තිබෙන නඩුව ලබන මැයි 21 වන දින යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (11) නියෝග කළේය .
සිද්ධියට අදාලව අධිකරණය හමුවේ පෙනී නොසිටි එවකට හිටපු මහ බැංකු අධිපතිවරයා වන අර්ජුන් මහේන්ද්‍රන්ට විවෘත වරෙන්තු නිකුත් කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා, අජාන් ගාර්දීන් පුංචිහේවා යන සැකකරුට නොතිසි නිකුත් කරන ලෙස ද නියෝග කළේය
සෙසු සැකකරුවන් අධිකරණයේ පෙනි සිටි අතර අර්ජුන් මහේන්ද්‍රන් හා අජාන් ගාර්දින් පුංචිහේවා යන සැකකරුවන් දෙදෙනා අද අධිකරණය හමුවේ පෙනී නොසිටීම සැලකිල්ලට ගෙන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළේය .
සිද්ධියට අදාල මෙම සැකකරුවන් මුදල් සාවද්‍ය පරිහරනය, පොදු දේපළ විෂයෙහි ලා කරණු ලැබු වැරදි මෙන්ම කුමන්ත්‍රණ සිදු කිරීම ඒවාට අනුබල දීම හා දණ්ඩ නීති සංග්‍රහ පනතේ වරදවල් සිදු කළේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන ඒකකය චෝදනා 7 යටතේ මෙම නඩුව ගොනු කර ඇත.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම , අර්ජුන් ඇලෝසියස්, අර්ජුන් මහේන්ද්‍රන්,ජෙෆ්රි ජෝසප් ඇලෝසියස්, අජාන් ගාර්ඩ්දීන් පුංචි හේවා, පුෂ්පමුත්තු ගුණවර්ධන , කසුන් පලිහේන හා මුත්තුරාජා සුරේන්ද්‍රන් යන අය මෙම සිද්ධියේ සැකකරුවන්ය.