අද හෙට ලැබෙනා තවත් ඩොලර් බිලියන 7 ක් ගැන ඉඟියක්

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ණය පැකේජය අනුමත වීමත් සමග තවත් ඩොලර් බිලියන 7 ක සහන ණය මුදලක් ලංකාවට ලැබීමට නියමිතව ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය සඳහන් කරයි. ආසියානු සංවර්ධන බැංකුවෙන් හා ලෝක බැංකුවෙන් මෙම ණය මුදල් ලැබෙන බව බව ඔහු සඳහන් කළේය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ලබාදීම හේතුවෙන් දැනට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර විශ්වාසය දිනා ගෙන තිබීම නිසා මේ ආකාරයේ සහන ණය ශ්‍රී ලංකාවට ලැබෙනා බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *