අද සිට විදුලි බිල 14% කින් අඩුවෙයි

විදුලි බිල අද මධ්‍යම රාත්‍රියේ සිට 14.2% කින් අඩු කිරීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර ඇත.

ඒ අනුව ගෘහස්ත අංශයේ 0ත් 30 අතර මාසික පරිභෝජනයක් ඇති කාණ්ඩයට සියයට 65ක් ගාස්තු අඩු වනු ඇත . ඒකකය රුපියල් 30 සිට රුපියල් 10 දක්වාත්, මාසික ගාස්තු රුපියල් 400 සිට 150 දක්වාත් අඩුකර තිබෙනවා.

ඒකක 60 ට අඩු කාණ්ඩයේ ඒ්කක ගාස්තුව රුපියල් 42 සිට 32 දක්වාත් අඩුවන අතර මාසික ගාස්තු රුපියල් 650 සිට 300 දක්වා අඩු කෙරෙනවා.

ඒකක 91ත් 120ත් කාණ්ඩය සදහා ඒකකය රුපියල් 42 සිට රුපියල් 35 දක්වා අඩු කෙරෙන අතර මාසික ගාස්තුව රුපියල් 1500 සිට 1000 දක්වා අඩු කිර්‍රිමටයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර ඇත .

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *