දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (13) පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, දකුණු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ප්‍රදේශවල උදෑසන කාලයේත් වැසි හෝ ගිගුරුම් සහිතවැසි ඇති විය හැකි බවත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි. මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවත්, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් එම දෙපාරතමේන්තුව පවසයි ..