ශ්රී ලංකා ක්රිකට් පිල 20 – 20 ලෝක කුසලාන තරගවලියේ සුපිරි 8 වටයෙන් ඉදිරියට යෑමට නොහැකිවූ ශ්රී ලංකා කණ්ඩායමේ පරාජය දැක කනස්සල්ලට පත්ව සිටින ප්රේක්ෂකයන් වෙනුවෙන් ශ්රී ලංකා ක්රිකට් හිටපු නායක ලසිත් මාලිංග ද සිය ‘facebook’ ගිණුමේ සටහනක් තබා තිබේ. පහත උපුටා දක්වෙන්නේ එම සටහනයි .
උපුටා ගැනීම ආරම්භය .
“1996 දී අපේ රට පළවෙනි ලෝක කුසලානය දිනපු දවසෙ ඉදල එක දිගට ලෝක කුසලානවල පළවෙනි වටයෙන්, ඒ වගේම final ඇවිත් ලෝක කුසලාන හතරක අවසාන තරගය පරදිනකොට ක්රීඩාවට ආදරය කරපු ගොඩක් අය ක්රීඩාවෙන් ඈත් වෙන්න ඇති.
ඒත් මගේ රටට තවත් ලෝක කුසලානයක් දිනන්න පුලුවන් කියල හිතපු හැමෝම අමාරුවෙන්, දුකෙන්, බැන බැන හරි 2014 වෙනකන් ක්රීඩාවට වගේම ක්රීඩකයන්ටත් සහයෝය දෙන ගමන් අවුරුදු 18ක් ඉවසන්න ඇති. ඒ ඉවසීම නිසා 2014 දී දිනන්න පුලුවන් උනා.
ඉතින් අපිට තවත් ලෝක කුසලානයක් දිනන්න බැරිවෙන්න විදියක් නෑ. ඉතින් දැන් අවුරුදු 12 ගියා. ඒත් ක්රීඩාව, තේරුම් ගෙන ක්රීඩාවත් එක්ක ඉන්න ගොඩක් අය ඇති.
ඒ නිසා මම වගේම ඒ අයත් ඊළඟ ලෝක කුසලානය දිනනකන්ම ක්රීඩාවත් එක්ක ඉදියි. අතහරින එක ක්රීඩාවේ විසදුම නෙමෙයි”
උපුටා ගැනීම අවසානය .